බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා! ප්‍රභූන් සඳහා විශේෂ ගුවන්සේවා නෑ!

March 17, 2020 at 11:47 pm | by emanisa.lk

ලන්ඩනයේ සිට කොළඹ දක්වා ප්‍රභූන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ ගුවන් සේවා පහසුකම් සලසා ඇති බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එක්සත් රාජධානිය වෙත ආපසු යාමට අදහස් කරන සංචාරකයින්ගේ ගමන් බිමන් පහසුව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ගුවන් සේවය ප්‍රධාන වශයෙන් ලන්ඩනය සඳහා මෙහෙයුම් සිදුකරන බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස