බොරු පම්පෝරි වැඩක් නෑ… ජනතාවට ඇත්ත කියන්න…! අපි ඉන්නේ ලොකු අර්බුදයක…ඉන්ධන මිල නැංවීම හැර විකල්ප නෑ….! – දයාසිරි….

June 22, 2021 at 4:16 pm | by emanisa.lk

අපට සල්ලි ඇතැයි බොරු කයිවාරු ගැසීමෙන් පළක් නැති බවත් ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයක සිර වී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.

මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඩොලර් බිලියන 04ක් පමණක් බවත් රට හමුවේ විශාල විදේශ සංචිත හිඟයක් ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

මේ සඳහා මුහුණ දීමට ජනතාවට ඇත්ත පැවසිය යුතු බවත් ඉන්ධන මිල ඉහළ නැංවීම ප්‍රශ්නයක් වුවත් මෙවැනි දුෂ්කර අවස්ථාවක වෙනත් විකල්ප නොමැති බවත් හෙතෙම අවධාරණය කළේ ය.

කුරුණෑගල දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස