බොරු තර්කවල නොඑල්ලී මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනු! – නීතිපතිගෙන් මැකොට නියෝග…

May 4, 2020 at 5:09 pm | by emanisa.lk

නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා මෙම දැනුම් දීම කර ඇත්තේ මහ මැතිවරණයට නාම යෝජනා කැඳවීම නිවාඩු දින ලෙස සැලකෙන 16,17 හා 18 යන තෙදිනට යෙදී තිබීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම  නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්ය.

මෙම තෙදින නිවාඩු දින බවට පසුව ප්‍රකාශයට පත්කිරීම නාම යෝජනා කැඳවීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ද නීතීවේදීන් ද තහවුරු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස