බොරුවෙන් ආණ්ඩු පෙරළන්න ගොස් අත්අඩංගුවට පත් තරුණයාට ඇප…!

June 17, 2021 at 10:23 pm | by emanisa.lk

රජය පෙරලිමේ අරමුණින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරීමටත් සෑම මසක අවසන් ඉරුදින ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අක්මීමන තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යරත්න නමැති 28 හැවිරිදි තරුණයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රජය විසින් ගෙන්වා ගෙන ගිල්වා ඇති බවට සැකකරු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති බවය.

ෆේස්බුක් ගිණුම තමාගේ නමින්ම ඇති එකක් බව සැකකරු අධිකරණයේ දී පිළිගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *