බොරුවට පාරේ ළැගලා රඟපාන්න එපා! පර්මිට් එක විකිණු සල්ලිවලින් මිනිස්සුන්ට බඩු ටිකක් අරන් දෙන්න! – බන්දුල ලාල්ට වජිරගෙන් ප්‍රහාරයක්…

April 1, 2020 at 10:01 am | by emanisa.lk

පසුගිය 30 වෙනිදා බද්දේගම ප්‍රදේශයේ දී සත්‍යග්‍රහයක නිරත වූ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩට හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ සමාජමාධ්‍ය කණ්ඩායමෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ දුප්පත් ජනතාවට සහන ලබාදිය යුතු බවට පෝස්ටරයක් ප්‍රදර්ශනය කරමින් සිටින අතර එය සිය ෆේස්බුක් ගිණුමට ද එකතු කර තිබිණි.

කෙසේ වුවද වජිර අබේවර්ධනගේ සමාජමාධ්‍ය කණ්ඩායම ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ සිය වාහන බලපත්‍රය විකුණා ලබාගත් ලක්ෂ 300න් ලක්ෂ 50ක් වියදම් කර ජනතාවට ආහාර මලු ටිකක් ලබා දුන්නේ නම් මෙවැනි බොරු රඟපෑම් උවමනා නොමැති බවය.

අදාළ ප්‍රතිචාරය සමග දැඩි අපහසුතාවට පත් බන්දුල ලාල් බණ්ඩාරිගොඩ එම පෝස්ටුව සිය පිටුවෙන් ඉවත්කර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස