බොරදියේ මාළු බාන්න ගිය එජාපය නැවතත් ඇන ගනී! ෆොන්සේකාට නීතිය හා සාමය නොදෙන බව ජනපති කියයි!

May 4, 2019 at 7:59 am | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම,රාජිත සේනාරත්න හා කබිර් හෂීම් යන මහත්වරුන් ඉකුත් අඟහරුවාදා (30) ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට ඇත.

එහෙත් ෆොන්සේකා මහතාට කිසිඳු හේතුවක් මත නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදීය නොහැකි බව ජනාධිපතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී ඇති බවද වාර්තා වේ.

සරත් ෆොන්සේකාට ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් ද එල්ල වී තිබේ. එජාපයට හිතවත් සිවිල් සංවිධාන ද ඒ වෙනුවෙන් හඬ අවදි කළේය. එජාපයට හිතවත් හිටපු පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ එය ජනාධිපතිවරයා මත පටවා නීතිය හා සාමය ඇමති ධුරය එජාපයට ගැනීමට යැයි ද චෝදනා කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස