බොන්න වතුර පොදක් නැති උතුරට ආණ්ඩුව පොල් පැල බෙදයි!

April 2, 2019 at 7:40 am | by admin

වසරේ මේ කාලයට උතුරු පළාත මුහුණපාන්නේ දැඩි වියළි කාලගුණයකටය. උෂ්ණත්වය දරාගත නොහැකි තරම්ය. බොහෝ ප්‍රදේශවල බීමට වතුර පොදක් සොයා ගැනීම පවා දුෂ්කරය.

එහෙත් මේ දිනවල උතුරේ පොල් වගාව ව්‍යාප්ත කිරීමට රාජ්‍ය නිලධාරීහු පාසල් ළමුන්ට පොල් පැල බෙදා දෙති. ඕනෑම දෙයක් කළ යුතු කාලයක් තිබේ. එසේ නොවන විට සිදුවන්නේ නාස්තියක් පමණි. නියඟයෙන් පීඩා විඳින උතුරට මෙම පොල් පැල බෙදා දීම ද එවැනි අපරාධයකි.

ඔක්තෝබර් මාසය වන තුරු උතුරට හොඳ වර්ෂාවක් නොලැබෙයි. ඒ තව මාස හතකිනි. අපේ රටේ බුද්ධිමත් රාජ්‍ය සේවයක් තිබිණි නම් මෙම පොල් පැල බෙදාදිය යුතුව තිබුණේ එම වැසි සමය ආසන්නයේ නොවන්නේ ද? මේ රටේ රාජ්‍ය සේවය උතුරේ දකුණේ කියා කිසිදු වෙනසක් නොමැති බව නම් ඉතාම පැහැදිලිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස