බොනවිරුවෝ රට වෙනුවෙන් යුතුකම් ඉටු කරති… සුරාබදු අපේක්ෂිත ඉලක්කය පසුකරයි…!

June 10, 2025 at 9:40 am | by emanisa.lk

මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රු. බිලියන 242න් 2025 මැයි 31 වන විට අපේක්ෂිත ප්‍රමාණයෙන් 104% ක් (බිලියන 98ක්) උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඉදිරියේ පසුගියදා (06) ප්‍රකාශ කර තිබේ.

2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන රු. බිලියන 242 න් රුපියල් බිලියන 240ක් මත්පැන්වලින් ද රුපියල් බිලියන 2ක් බීඩිවලින් ද ලබා ගැනීම‍ට අපේක්ෂා කරන බවත් පසුගිය වසරේ මැයි 31 වන විට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10 කින් ආදායම මේ වන විට වැඩිවී ඇති බවත් ඔවුන් එහිදී සඳහන් කර ඇත.

නව රජය බලයට පත්වීමත් සමග නීති විරෝධි මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත් මේ වන විටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් නිලධාරීන් එහිදී පැවසූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත මෙහෙයුම් පිළිබඳව සහ ආරක්ෂක විශේෂාංග කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *