බෙලිඅත්ත මාතර දුම්රිය ගමන් අද ඇරඹෙයි! දුම්රිය ගාස්තු මෙන්න!

April 8, 2019 at 6:58 am | by admin

අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය අද (08දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ගමන ආරම්භ කෙරේ.

මෙම දුම්රිය මාර්ගයේදී මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි විස්සකි. බෙලිඅත්තේ දුම්රිය ස්ථායෙන් ගමන් ආරම්භ කරන දුම්රිය 7කි. එයින් එක් දුම්රියක් ගාල්ල දක්වා ද දුම්රිය 4ක් මරදාන දක්වාද ගමන් කරයි. යාපනය සහ වව්නියාව දක්වා සෙසු දුම්රිය දෙක ධාවනය කෙරේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසාන කරන දුම්රිය ගණන 6කි.

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලි අත්ත යනුවෙන් නැවතුම් ස්ථාන 6කි. ඒ අතරින් පිලදූව සහ වෙහෙරහේන උප දුම්රිය ස්ථාන වේ. සෙසු දුම්රිය ස්ථාන ප්‍රධාන දුම්රිය ස්ථානය. මෙම දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120 කි. දෙවැනි පන්තිය රුපියල් 70කි. තුන්වැනි පන්තිය 35කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *