බෙන්ස් ඇම්බියුලන්ස් එකක් ලක්ෂ 80යි…! ආණ්ඩුව ගේන ඇම්බියුලන්ස් එකක් ලක්ෂ 194යි…! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය….

May 16, 2021 at 11:17 pm | by emanisa.lk

කොවිඩ් මැඩලීම සඳහා ගොඩනැඟූ ඉටුකම අරමුදලින් මිලියන 194ක් ගිලන් රථ සඳහා වෙන් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසයි.

ඒ අනුව එක් ගිලන් රථයක් සඳහා මිලියන 19.4ක් නොඑසේ නම් ලක්ෂ 194ක් වැය කර ඇති බව ඔහු සඳහන් කරයි.

ටොයෝටා බෙන්ස් ඇම්බියුලන්ස් රථයක සාමාන්‍ය වටිනාකම ඩොලර් 40 000ක් නැත්නම් රු. ලක්ෂ 80ක් බව ද ඔහු ප්‍රකාශ කරයි.

එසේ නම් ලක්ෂ 194ක් ගෙවා ගෙන ආ ඇම්බියුලන්ස් රථ මොනවා දැයි දුමින්ද නාගමුව ප්‍රශ්න කරයි.

වැඩ කරන ජනතාවගේ දවසක වැටුප ද කපා ගෙන ඉටුකම අරමුදලින් කළේ මේවා දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *