බෙදුමිවාදීන්ගේ හුළං බහී! කො⁣ටි ලාංඡන ඡායාරූප නෑ! මහවිරු සැමරුම් ගව් ගාණක් පසුබසී!

November 28, 2019 at 7:28 am | by emanisa.lk

කොටි ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් මියගියවුන් සිහිපත් කිරීම සදහා පවත්වන ‘මහවිරු දින‘ සැමරුම් උත්සව අද දිනයේ උතුරේ ස්ථාන කිහිපයකදී පවත්වා තිබෙනවා.

යුද්ධයෙන් මියගියවුන් සැමරීම සදහා යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාපනය කර තිබෙන ස්මාරකය අසලදී ද විශ්ව විද්‍යාල සිසුන් 50කගේ පමණ සහභාගීත්වයෙන් සැමරුමක් පවත්වා තිබෙන්නේ පාලනාධිකාරියේ ද තහනම නොතකමින්.

ඉකුත් වසරේදී උතුරු නැගෙනහිර පුරා උත්කර්ෂවත් අන්දමින් මහවිරු සැමරුම් පැවැත්වුණු අතර මෙවර ඒ සදහා වැඩි උනන්දුවක් දක්නට නොලැබුණු බවයි ආරංචි මාර්ග පවසන්නේ. එමෙන්ම පෙර වසරවල ඇතැම් ස්ථානවලදී එල්.ටී.ටී.ඊ ලාංඡන හා කොඩි ප්‍රදර්ශනය කර තිබුණද මෙවර කොටින්ගේ ජාතික පුෂ්පය ලෙස නම් කර තිබූ නියගලා මල් පමණක් සැමරුම් සදහා භාවිත කර තිබිණි.

කෙසේ වෙතත් මෙරට තහනම් ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නම, ලාංඡණ භාවිතා කරමින් සැමරුම් පැවැත්වීම නීතියෙන් තහනම් වන අතර, මියගිය පුද්ගලයන් සැමරීම සදහා නීතියෙන් තහනමක් නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *