බෙදුම්වාදීන් පාළුගෙයි වළං බින්ද යුගය නිමයි! කොටි සැමරූ ශිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශනයට කැඳවයි!

December 26, 2019 at 10:43 am | by emanisa.lk

පසුගිය සමයේ දිගින් දිගටම බෙදුම්වාදී ප්‍රකාශ සිදු කළ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

පසුගිය මැයි මාසයේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරුමේ සැමරුම් සතිය නමැති වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙලෙසට තමන්ට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත කැඳවීමක් සිදුකොට ඇති බව ශිවාජිලිංගම් පවසයි.

හෙට(27) දිනයේ ඔහුට කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබේ.

අවසන් යුධ සමයේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත්වු දෙමළ ජනතාව සැමරී‍මේ ජන සංහාර සැමරුම් සතිය නමැති සැමරුම් වැඩසටහනක් පසුගිය මැයි මස 12 වැනිදා සිට සතියක කාලයක් පැවැත්විණි. එය සංවිධානය කළේ ශිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙනි.

තමන් ඇතුළු උතුරේ දෙමළ ජනතාව යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීමේ වැඩසටහනක් පමණක් පැවැත්වු බවත් යුද්ධයෙන් මියගිය සහෝදර ජනතාව සිහි කිරීම වරදක් නොවන බවත් හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස