බූස්සේ හිරකළ පාතාළ කෙරුමන් ජනපති ආරක්ෂක ලේකම් ඝාතනය කරන බව පවසයි!

July 21, 2020 at 12:05 pm | by emanisa.lk

බූස්ස බන්ධනාගාරයට මාරු කළ දරුණු සංවිධානාත්මක අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩි ලැසී සහ කොස්ගොඩ කැවුමා ඇතුළු පිරිසක් ජනාධිපති, ආරක්ෂක ලේකම් සහ බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳ බන්ධනාගාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා ඇතුළු කණ්ඩායමක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයට පැමිණි එම කණ්ඩායම බන්ධනාගාර කොමසාරිස්වරුන් වන චන්දන ඒකනායක, තුසිත උඩුරව සහ බන්ධනාගාර බුද්ධි ප්‍රධානි සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලකගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කර තිබේ.

මෙම සිද්ධිය හටගෙන ඇත්තේ අදාළ පාතාළ නායකයන් පිරිස ආරම්භ කළ ආහාර වර්ජනයක් පිළිබඳ සොයා බැලීමට එම තිදෙනා බූස්ස බන්ධනාගාරයට පසුගිය 26 වෙනිදා ගිය අවස්ථාවේය.

එහිදී ජනාධිපති ආරක්ෂක ලේකම් තමන්ට ලොකු නැති බවත් තමන්ගේ ආයුධ සන්නද්ධ සාමාජික ජාලය තවමත් රට පුරා ක්‍රියාත්මක බවත් පවසමින් පාතාළ කල්ලි නායකයන් පිරිස කලහකාරී ලෙස හැසිරී තිබේ.

මෙම පාතාළ කල්ලි නායකයන් පිරිස බූස්ස බන්ධනාගාරයට යැවීම නිසා අදාළ විරෝධය මතුව ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස