බුර්කා නිකාබ් තහනම මුස්ලිම් කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීමක්! – හියුමන් රයිට්ස් වොච්

May 4, 2019 at 10:06 pm | by admin

ලංකාවේ ජනාධිපතිවරයා විසින් අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය තහනම් කිරීම මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමක් බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

එම සංවිධානයේ වෙබ් අඩවියේ ‘Sri Lanka’s Face-Covering Ban a Wrongheaded Response to Easter Bombings’ යන ලිපියේ දැක්වෙන්නේ මෙම තහනම බුර්කා සහ නිකාබ් අඳින මුස්ලිම් කාන්තාවන්ට අසමාන සැලකීමක් කර ඇති බවයි.

මෙම මුස්ලිම් කාන්තාවන් මෙම තහනම හේතුවෙන් පොදු ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමට අකමැත්තක් දැක්වීම හේතුවෙන් අධ්‍යාපනයට, රැකියා සහ පොදු සමාජ වැඩ කටයුතුවලට ප්‍රවේශය ඇහිරී යා හැකි බව එහි පැවසෙයි.

එසේම සමාජයේ කොටසක් බවට පත්වීම වළක්වා ඔවුන් හුදකලා කිරීමක් සහ අත්‍යවශ්‍ය සේවාවලින් ප්‍රයෝජනය ලබා ගැනීමෙන් වළක්වාලීමක් සිදුවන බව එම සංවිධානය පවසයි.

එසේම පාස්කු දින ප්‍රහාරය සහ මුහුණ වැසීම තහනම් කිරීම අතර සම්බන්ධයක් කුමක්ද යන්න පැහැදිලි නැති බවද එම ලිපියේ දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස