බුර්කා තහනම ආපසු හරවනු….! මුස්ලිම් ලෝකයෙන් දැඩි බලපෑම්….!

May 7, 2021 at 7:27 am | by emanisa.lk

ඉස්ලාමීය සහයෝගිතා කවුන්සිලය බුර්කා තහනම වහාම අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑම් කරමින් ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුව ද රජය රටවල් 57කින් සමන්විත එම සංවිධානය කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත.

ජාතික ආරක්ෂාව උදෙසා ගත් එම තීරණය කිසිසේත් වෙනස් කළ නොහැකි බව රජය එම රටවලට ප‍්‍රකාශකර තිබේ.

එසේ ම ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 15ක් බුර්කා තහනම ක්‍රියාත්මක කරන බව රජය විසින් එම සංවිධානය වෙත පෙන්වා දී ඇත.

බුර්කා තහනම අහෝසි කරන ලෙස ඉස්ලාමීය සහයෝගිතා කවුන්සිලය කළ ඉල්ලීම පසුබිමේ සිටින්නේ මුස්ලිම් ඩයස්පෝරාව බව අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *