බුර්කාව අපේ ආගමට අදාළ නෑ! ගෑනු බුර්කාව අඳින්නේ වේසකමේ යන්න! – එජාප මන්ත්‍රී එම්. එම්. නසාර්

May 14, 2019 at 7:37 am | by admin

මේ රටේ ජනතාවගේ සිත් තුළ ඇතිවී තිබෙන දුක ශෝකය සැබෑ මුස්ලිම් සිත් තුළත් ඇති වී ඇති බවත් මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවත් වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී එම්. එම්. නසාර් මහතා මාසික රැස්වීමේදී පැවසීය.

වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම එහි සභාපති එස්. ඒ. ආර්. බන්දුසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි දී අදහස් දැක්වූ
මන්ත‍්‍රී එම්. එම්. නසාර් මෙසේ පැවසීය.

“අපිත් සමග ඉතා ලෙන්ගතුව සිටි පිරිස් අපි සමග කථා බහා හා ඇසුර අඩුවෙලා. ත‍්‍රස්තවාදයට සැබෑ මුස්ලිම් වරුන් විරුද්ධයි. ඒ නිසයි ඔවුන් ත‍්‍රස්තවාදී තිප්පොළවල් ගැන තොරතුරු දෙන්නේ. බුර්කාව අපේ ආගමේ නියමයන්ට අදාළ නෑ. අපේ ගුරුතලාව ගම්මානයේ බුර්කාව ඇඳීමට කිසි කෙනෙකුට අපි ඉඩදෙන්නෑ. අපේ ආගම වැළඳගෙන බුර්කාවෙන් ඇවිද යමින් සිටි කාන්තාවට ගමේ කාන්තාවන් දැඩි විරෝධයක් දැක්වුවා. පසුව දැනගත්තේ එම කාන්තාව තම අනියමි සැමියා හමුවීමට මෙසේ බුර්කාවෙන් සැරසී යෑමට පුරුදුව සිටින බවයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස