කෘත්‍රීම බුද්ධිය (AI) අපගේ තිලෝගුරු බුදු රජානන් වහන්සේ විසින් භාවිත කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.
බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කරමින් වස් තුනක් මසක් වසන අතර අනවතප්ත විලේ දිය නෑ බව අටුවාවේ සඳහන් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එමගින් තහවුරු වන්නේ බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොව බුද්ධ රූපය මවා මාතෘදිව්‍ය රාජායාට බණ දේශනා කළ බව යැයි ද සරත් වීරසේකර ප්‍රකාශ කරයි.
අද පරිගණක ආශ්‍රිතව දියුණු කරන කෘත්‍රීම බුද්ධිය බුදුන් වහන්සේ අධ්‍යාත්මික දියුණුව ඔස්සේ එදා ලබා ගත් බව ද හෙතෙම අවධාරණය කරයි.
ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමින් සරත් වීරසේකර මේ බව ප්‍රකාශ කළේය.