බුදුන්ට යසෝදරාවට අපහාස කරද්දි නොදුටු ඇමති නවීන්ට ඉරාජ් ගීතයකින් සන්නාට අපහාස කළැයි යකා නගී! (video)

April 7, 2019 at 5:15 pm | by admin

ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය සඳහා කලෙක ජනප්‍රිය සිංහල භාෂා ටියුෂන් ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්නස්ගලගේ චරිතය යොදා ගැනීම ඇමති නවීන් දිසානායකගේ විරෝධයට පාත්‍ර වී තිබේ. ඊට විරෝධය පාමින් ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද යොදා තිබේ.

එහෙත් පසුගිය සමයේ බුදු හාමුදුරුවන්ට සහ යසෝදරා දේවියගේ ජීවිත පාදක කරගෙන සිදුහත් කුමරු ලිංගික බෙලහීනයකු ලෙස ද රාහුල කුමරු ඡන්න ඇමතියාගේ පුතු ලෙස ද යසෝදරාව කාමුක ස්ත්‍රියක ලෙස ද විවරණය කරමින් කෙටි කතාවක් යැයි කියන රචනාවක් පිළිබඳ සමාජයේ විරෝධයක් මතු වුවද නවීන් දිසානායක ඊට එරෙහි වූයේ නැත.

එහෙත් උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට හඬ නැඟූ කලාකරුවෝ අදාළ කෘතිය රචනා කළ පුද්ගලයාගේ නිර්මාණ අයිතිය සහ අදහස් ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටියහ.

අදාළ කෙටි කතාව රචනා කළ පුද්ගලයාට හිමි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඉරාජ් වීරරත්නට නැත්තේ ඇයි ද යන්න විශාල ගැටලුවකි. ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වන චරිත අළලා ඒ ජනතාවගේ ශ්‍රද්ධාවට ගෞරවයට හානි වන ආකාරයට සහ ඒ ජනතාවගේ සිත් රිදෙන ආකාරයට කිසිවකුට නිර්මාණ කිරීමේ හැකියාවක් තිබේ නම් සන්නස්ගල වැනි අයකු පිළිබඳ නිර්මාණයක් කිරීම වරදක් වන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුය.

ඇමති නවීන් දිසානායකගේ  ෆේස්බුක් ලිපිය, සිදුහත් යසෝදරා ගැන ලී කෙටි කතාවේ කොසටක් සහ ඉරාජ්ගේ ගීතය පහත දැක්වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *