බීමතින් ඩිෆෙන්ඩර් රථයක් පදවා පසුගිය 11 දා කොළඹ තුම්මුල්ල බෞද්ධ මන්දිරය අසල මාරක අනතුරක් සිදු කළේ මහනුවර රත්වත්තේ දේශපාලන පවුලේ අශාන් තරින්ද කටුගහ රත්වත්ත බව පොලිසිය කියයි.
මෙම අනතුරින් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ දක්ෂ පොලිස් නිලධාරියෙකු වන සිතුම් දුලීක හේමාල් (22) මරණයට පත් වූ අතර තවත් නිලධාරියෙකු බරපතළ තුවාල ලැබීය. පසුගියදා කොළඹ ජාතික රෝහලේ මුදල් මංකොල්ලය වළක්වමින් කොල්ලකරු අත්අඩංගුවට ගත්තේ ඔවුන් දෙදෙනා විසිනි.
දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වන තරින්ද රත්වත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කරන අතර, ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයෙකි. රත්වත්තේ පවුලේ මුණුබුරකු වන මොහු අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් අධික වේගයෙන් ඩිෆෙන්ඩර් රථය පදවා තිබේ. අනතුර සිදුවන විට බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිට තිබේ.
සැකකාර තරින්ද රත්වත්තේ 15 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.