බුද්ධි අංශ සවිමත් කර රුඩිකල් ඉස්ලාමියන් පුනරුත්ථාපනය කරනු! ආගමික පාසල් වෙනුවට පොදු පාසල් අරඹා රටම එකම නීතියක් යටතට ගෙනෙනු! – හිටපු ආරක්ෂක ප්‍රධානීන්…

May 3, 2019 at 10:23 am | by admin

ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා බුද්ධි අංශ වහා ශක්තිමත් කළ යුතු බව හිටපු ආරක්‍ෂක ප‍්‍රධානීන් අවධාරණය කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ඔවුන් විසින් සකස් කරනු ලැබ ඊයේ විපක්‍ෂ නායකවරයාට භාරදුන් වාර්තාවේ පළමු නිර්දේශයද එයයි.

අන්තවාදී රැඩිකල් අදහස්වල එළඹ සිටින ඉස්ලාම් භක්තිකයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවද අදාළ වාර්තාවෙන් අවධාරණය කර තිබේ.

ආගමික නම්වලින් පවත්වාගෙන යන පාසල් වෙනුවට පොදු පාසල් පද්ධතියක් ආරම්භ කළ යුතු බවත් සැමට එක් නීතියක් බලාත්මක කළයුතු බවත් මෙම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස