බුද්ධි අංශ සමූල ඝාතනය නැවත ඇරඹෙයි! ත්‍රස්තවාදීන් ගැන තොරතුරු සැපයූ මුස්ලිම් ජාතිකයෙක් මරා දමයි!

May 7, 2019 at 2:44 pm | by admin

මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳ පොලිසියට ඔත්තු ලබා දුන් මුස්ලිම් ජාතික වඩේ වෙළෙන්දෙකු අත්තනගල්ල අලවල ප්‍රදේශයේදී මරා දමා තිබේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මොහොමඩ් ආදීල් නම් මෙම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

අවස්ථා ගණනාවකදී අන්තවාදී කටයුතු පිළිබඳ මෙම පුද්ගලයා පොලිසියට තොරතුරු ලබා දුන් බව වාර්තා වන අතර අන්තවාදීන් ඒ සඳහා පලිගැනීමක් ලෙස මෙම ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරේ.

මීට පෙර ඇමති කබීර් හෂීම්ගේ ලේකම්වරයකු ද අන්තවාදයට එරෙහි වීම නිසා තවුහිද් ජමාත් වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබයි.

මෙම ප්‍රහාර සමග ආරක්ෂක අංශවලට ඔත්තු ලබා දෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ත්‍රස්ත කල්ලි අතට පත් වන්නේ ද යන්න පිළිබඳ බලවත් සැකයක් මතු වන අතර පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් ඇමති රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ වැටුප් ගෙවූ අන්තවාදීන් 26 දෙනෙකුගේ ලැයිස්තුවක් තමා සතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස