බුද්ධි අංශ නිලධාරීන් ප්‍රශ්න කරන හැටි සජීවීව ලෝකෙට පෙන්නන්න යෝජනා කළේ මම! ඒ සජීවි විකාශයේ ප්ලග් එක ගලවපු එක අපේ වරප්‍රසාද කඩකිරීමක්! – කිරිඇල්ල (video)

June 1, 2019 at 1:14 pm | by admin

පාස්කු ප්‍රහාරය පිළිබඳ වර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව යෝජනා කළේත් එහි කටයුතු සජීවීව විකාශනය කිරීමට යෝජනා කළේත් තමා බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එම යෝජනාව කතානායකවරයාත් පිළිගත් බවත් බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්න කරමින් පවතින අවස්ථාවේ එම සජීවි විකාශනය අත්හිටුවීම පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීමක් බවත් ඇමතිවරයා සඳහන් කරයි.

කෙසේ වුවද මේ ආකාරයට බුද්ධි අංශ ප්‍රධානීන් නිරාවරණය කිරීම සජීවි විකාශයක් ලබා දීම බරපතළ පාවා දීමක් බවත් ජාතික ආරක්ෂාව නැවත අනතුරේ හෙළීමක් බවත් විපක්ෂ කණ්ඩායම් මෙන්ම ආරක්ෂක ප්‍රධානීන් ද පවසා තිබේ. මේ පිළිබඳ වර්තමාන බුද්ධි අංශ බලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතා අප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස