බුද්ධික කියන්නේ බොරු! රටින් එන්නේ දෙවරක් සහතික කළ හොඳ කිරිපිටි! දිගටම බොන්න! – සෞඛ්‍ය ඇමති

February 8, 2019 at 4:31 am | by admin

පිට රටවලින් ගෙන එන කිරිපිටිවල ෆාම් තෙල් සහ ඌරු තෙල් අඩංගු බවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඔහු පවසන්නේ ලංකාවට නවසීලන්තයෙන් ගෙන එන කිරි එරට දී මෙන්ම මෙරට දී ද පරික්ෂා කර සහතික කරන බවය. ෆොන්ටෙරා සමාගම ද දරන්නේ එම මතයමය.

කෙසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම කාරණාව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එතෙක් රටේ ජනතාව හැකි තාක් දේශීය කිරිපිටි වර්ග භාවිතයට විශේෂයෙන් දියර කිරි භාවිතයට හුරු විය යුතු බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *