තවත් බීඩි කොල කිලෝ 1200ක් මුහුදේ පාව එයි! නාවික හමුදාව උඩප්පුව මුහුදින් අල්ලයි!

March 26, 2019 at 6:21 pm | by admin

නාවික භටයින් පිරිසක් විසින් අද(26) උඩප්පුව මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 35 ක බහා මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1232.5 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක ‍කරන මෙම බීඩී කොළ තොගය සින්නපාඩු රේගු කාර්යාලය වෙත භාර දී තිබේ.

2019 වසරේ දී නීති විරෝධි ලෙස රට තුළට ගෙන ආ බීඩි කොළ කිලෝ 7000කට වඩා අත්අඩංගුවට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *