බිහිසුණු ප්‍රහාරයෙන් මරණ 207යි! තුවාලකරුවන් 450යි!

April 21, 2019 at 6:04 pm | by admin

දිවයිනේ ස්ථාන 08ක සිදුවු පිපිරිම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 207 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංච් මාර්ග සදහන් කරයි.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ මළ සිරුරු 66ක්, මිගමුව රෝහලේ මළ සිරුරු 104ක්, කළුබෝවිල රෝහලේ මළ සිරුරු 2ක්, මඩකලපුව රෝහලේ මළ සිරුරු 28ක් සහ රාගම රෝහලේ මළ සිරුරු 7ක් තැන්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි.

කොළඹ, කටාන, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථාන, සංචාරක හෝටල් සහ ස්ථාන කිහිපයකදි සිදුවු මෙම පිපිරිම් හේතුවෙන් පුද්ගලයින් 450කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස