බිමල්ගේ නෝනාට BMW තහනම්ද? නිර්ධන පන්තියේ ජවිපෙ සැපගන්න ඕන! මාක්ස් ලෙනින් ඒක එපා කියලා නෑ! – ලාල්කාන්ත

January 5, 2020 at 8:57 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගේ බිරිඳ සමන්මලී රත්නායකගේ නමට නවීන BMW මෝටර් රථයක් ගෙන්වූ බවට ප්‍රචාරය වන පුවතක් පිළිබඳ එම පක්ෂ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී පිළිතුරු දී තිබේ.

එහිදී ඔහු ලබා දුන් පිළිතුරු මෙසේය.

“ඇයි බිමල්ගේ නෝනට BMW තහනම්ද? මේ රට තිබෙන නිර්ධන පංතියේ පක්ෂය වූ නිසාවෙන් අපේ පවුල්වල අයට සැප විඳින්න බැහැයි කියලා මාක්ස්, ලෙනින් කොහේවත් කියලා නැහැ.

මේ තියෙන්නේ මිනිසුන්ගේ දැක්මේ අවුලක්. විරුද්ධවාදියාගේ කුහකත්වයේ ප්‍රතිඵලයක් මත තමයි මේවා ජනගත වන්නේ. මේවට උත්තර දෙන්න හදන එකත් මෝඩ වැඩක්.”

කෙසේ වුවද ජවිපෙ ඇතැම් නායකයන් මෙන්ම ෆේස්බුක් කණ්ඩායම් ද බිමල්ගේ බිරිඳ කෝටි දෙකකට අධික BMW මෝටර් රථයක් ගත් පුවත දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස