බිමල්ගේ අමාත්‍යංශ ලේකම්ට එරෙහිව අතිරේක ලේකම් ‍ශ්‍රේෂ්ඨාධිකරණයට….!

February 6, 2025 at 4:36 pm | by emanisa.lk

ප්‍රවාහන නාවික හා වරායකටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තමන්ට අතිරේක ලේකම් ධුරයේ රාජකාරී කිරීමට බාධා කර මූලික අයිතිවාසිකම් කඩ කරන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ඩබ්.එස්. සත්‍යානන්ද මහතා විසිනි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලේකම්වරයා ඇතුළු පහළොස් දෙනෙකු නම්කර තිබේ.

ජනාධිපතිවරයෙන් පසු තමන් රාජ්‍ය පරිපාලන සංචිතයට මාරුකර යවා ඇති බවත් ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් සඳහන් කරන ඔහු මෙම පෙත්සම විභාගයට ගෙන තමනට තනතුරේ රාජකාර කිරීමට බාධා කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියි.

ලක්බිම

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *