කුකුළු පාලනය සදහා ප්‍රමාණවත් ලෙස සත්ත්ව ආහාර ද්‍රව්‍ය නොලැබිම හේතුවෙන් ඉකුත් වර්ෂයේ දි (2022) මෙරට බිත්තර නිෂ්පාදනය සියයට 5.4කින් පහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.
2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.
2021 වර්ෂයේ දී මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1954ක් වූ අතර 2022 වර්ෂයේ දී එය මිලියන 1849 ක් දක්වා පහළ ගොස් ඇත.
2021 වර්ෂයේ දී බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 18.07ක් වැය වී ඇති අතර 2022 වර්ෂයේ දී ඒ සඳහා වැය කළ මුදල රුපියල් රුපියල් 38.10කි.