බිත්තර මිල 50%කින් පහත දමයි! බිත්තරයක් රු. 10කට!

March 24, 2020 at 8:57 am | by emanisa.lk

ජනතාවගේ පහසුව සඳහා බිත්තරයක් රුපියල් දහයක සිල්ලර මිලකට ලබා දෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ සහ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇත.

එසේම නිරෝධායන මධ්‍යස්ථානවල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමටද සංගමය එකඟ වී තිබේ.

සතොස, සමුපකාර ආදී ආයතන හරහා පහසු මිලට බිත්තර මිලදී ගැනී‍මේ හැකියාව ඇති බව සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

මේ වනවිට බිත්තර ලොරි 450ක් දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ කටයුතුවල නිරත වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *