සාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් 600 දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග මිල රුපියල් 28ත් රුපියල් 29ත් දක්වා පහත වැටී තිබේ.
දෛනික ඉල්ලුම ඉක්මවා කුකුල් මස් ලැබීම නිසා රුපියල් 700ත් රුපියල් 800ත් අතර තොග මිලකට අලෙවි වූ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 600ක් දක්වා මේ වන විට පහත වැටී තිබෙන බවද තොග වෙළෙන්දෝ පවසති
දෛනික බිත්තර ඉල්ලුම ඉක්මවා බිත්තර තොග ලැබීම නිසා සුදු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 28ක් දක්වාත්, දුඹුරු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 29ක් දක්වාත් පහත වැටී තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.