බිත්තරයකින් නිෂ්පාදකයාට රු. 25ක අයුතු ලාභයක්…!

July 19, 2024 at 11:20 am | by emanisa.lk

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.

එහි සභාපති අනුර මාරසිංහ මහතා අවධාරණය කළේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවයි.

එහෙත් වෙළෙඳුන්ට ගොවිපළින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම නිසා මේ වන විට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *