බෑ කියූ දිඹුලාගල සෙල්ලිපිය කියවා අවසන්…!

June 18, 2024 at 10:33 am | by emanisa.lk

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමුවූ ලොව විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ සියලු අක්ෂර ඊයේ (17) වන විට කියවා අවසන් වූ බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලාංකාර නාහිමියෝ පැවැසූහ.

දිගින් අඩි 50කින් සහ පළලින් අඩි 09 කින් යුත් මෙම දුර්ලභ ගණයේ විශාල සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත්යැයි සැලකෙන බව 2023 ඔක්තෝබර් 26 වැනිදා සිට මාසයක පමණ කාලයක් අධ්‍යයනය කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් අනාවරණය කර ගත්හ.

කෙසේ වුව ද මීට පෙර වාර්තා වූයේ මෙම සෙල් ලිපියේ බොහෝ කොටස් කියවීමට නොහැකි ආකාරයට විනාශ වී ඇති බවයි. එසේ ම මෙම සෙල් ලිපියේ සඳහන් කරුණු යැයි බොහෝ විකෘති අදහස් පසුගිය සමයේ සමාජ මාධ්‍යවල පල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *