බැසිල් සහ වික්ටර් අයිවන් අතර හමුවක්…! අරගලයේ රහස් බැසිල් අතට…!

December 18, 2022 at 10:17 am | by emanisa.lk

මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන වික්ටර් අයිවන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැති මෙම විශේෂ හමුවට වික්ටර් අයිවන් සහ තවත් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙක් එක්වූහ. බැසිල් රාජපක්ෂ සමඟ පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම්, මන්ත්‍රී රංජිත් බණ්ඩාර සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

පසුගියදා සිදු වූ ආණ්ඩු පෙරළියට මූලික වූ අරගලය සම්බන්ධයෙන් විශේෂයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණි. අරගලයට බලපෑ සමාජ ප්‍රශ්න අතර වැඩි දෙනකුගේ අවධානයට යොමු නොවූ කුල පීඩනය ද වන බව මෙහිදී වික්ටර් අයිවන් පෙන්වා දී තිබිණි.

තමන් අරගලය ගැන විශේෂ අධ්‍යයනයක් කළ බව වැඩි දුරටත් පැවසූ හෙතෙම ලංකාවේ ප්‍රබල සමාජ ප්‍රශ්නයක් වන කුල පීඩනය තුරන් කිරීමට දේශපාලන පක්ෂ මැදිහත් විය යුතු බව අවධාරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *