බැසිල් පාර්ලිමේන්තු පැමිණීම ව්‍යවස්ථා විරෝධියි…! ගිය ඡන්දෙන් ද්විත්ව පුරවැසියන්ට ජනවරමක් නෑ…! – අජිත් පී. පෙරේරා…

July 8, 2021 at 7:31 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ අජිත් පී. පෙරේරා තබා ඇති ෆේස්බුක් සටහනකි.

නීතිය අනුව බැසිල්ට බැහැ!

1 – පොදුජන පෙරමුණේ “ජාතික ලයිස්තුවේ”, අපේක්ෂකයෙකු ලෙස, නම සඳහන් නොකළ තැනැත්තකු , ජාතික ලයිස්තු මංත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි.
“සමරවීර වීරවන්නි” නඩුවේදී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවේ “හරය” අනුව, මෙම තර්කය සනාථ වේ. (එම නඩුව පළාත් සභාවට තරඟ නොකල සමරවීර වීරවන්නි, පළාත් සභාවට, පුරප්පාඩුවක් පිරවීම සඳහා, මංත්‍රිවරයෙකු ලෙස පක්ෂ ලේකම් විසින් පත්කිරීමට එරෙහිව පවරන ලද්දකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාරව , මැතිවරණ කොමිසම විසින්, වීරවන්ති මහතාගේ මංත්‍රී ධුරය අහෝසිකරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ අදාළ නීතිමය මුලධර්ම පාර්ලිමේන්තුවටත්, පළාත් සභාවටත් එක හා සමානය.)

2 – ඊට අමතරව, වර්තමාන පාර්ලිමේන්තුවේ මංත්‍රීවරයෙකු වීමට තවත් බරපතල නුසුදුසුකමක් බැසිල් රාජපක්ෂට ඇත. එනම් මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත්කළ දිනය වන විට, ඔහු, අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා මුලික සුදුසුකම් නොලබා තිබිමයි. එදිනට පැවති නීතිය අනුව, ද්විත්ව පුරවැසියෙකුවු බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්වීම තහනම්කර තිබිණි. ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන විට, මුලික සුදුසුකම්වත් ලබා නොතිබුණු බැසිල්ට දැන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම නීතිය අනුව කළ නොහැකිය.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු නම් කිරීමට, පොදුජන පෙරමුණේ ලේකම්ට බලයක් නැත. එසේ නම්කරත්, එම නම පිළිගෙන පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු ලෙස ගැසට්කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. අද රැස්වන වර්තමාන මැතිවරණ කොමිසමට රටේ මුලික නීතිය සහ එය අර්ථ විවරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු අනුව තීරණයක් ගැනීමට කොන්දක් ඇත්ද ?

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස