බැසිල් පාර්ලිමේන්තු එන දවස රටට ම කියල ලොකු උත්සවයක් ගන්නවා….! – පොහොට්ටු ලේකම් මාධ්‍ය හමුවක…

June 28, 2021 at 3:50 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් භාරගන්නැයි ඉදිරිපත්ව ඇති ඉල්ලීම් බැසිල් රාජපක්ෂ මේ දක්වා ප්‍රතික්ෂේප කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළේ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඉල්ලා අස්වීමට සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් සූදානම් බවයි.

මේ වන විට රටේ ඇතිව තිබෙන තත්ත්වය මත ඔහුට ඇමැති ධූරයක් භාරගන්නා ලෙස ප්‍රබල ඉල්ලීමක් ඇති බවත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණෙන්නේ නම් උත්සවශ්‍රීයෙන් එය සිදු කරන බවත් ජනතාවට සඟවා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් සාගර කාරියවසම් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *