බැසිල් පාර්ලිමේන්තුවට….! ඉල්ලා අස්වන මන්ත්‍රීට තානාපති ධූරයක්…!

July 5, 2021 at 7:35 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නිවසේ දී ඉකුත් සෙනසුරාදා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරු වන චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ද, බැසිල් රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද සහභාගී වූහ.

මෙම කතා බහේ දී බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර කර ඇති අතර ඔහුට මැති සබයට පැමිණීමට හැකි වන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන සිදුකළ සාකච්ඡාවේ දී ෆලීල් මර්ජාන්, ආචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ ආචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇත.

බැසිල් රාජපක්‍ෂ වෙනුවෙන් සුදුසු මන්ත්‍රීවරයකු ඉවත් කරගැනීමේ වගකීම මෙම හමුවේදී පවරා ඇත්තේ නාමල් රාජපක්‍ෂටය. එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *