බැසිල් නෙළුම් මාවතේ ගෝඨා මෙහෙයුම දියත් කරයි!

February 24, 2019 at 8:46 am | by admin

පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ නෙළුම් මාවත කාර්යාලයේ සිට ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා සියලු පිඹුරුපත් සකසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසයි.

ඊයේ (23) දිවුලපිටිය සෙනුරි උත්සව ශාලාවේ පැවති ගම්පහ දිස්ත්‍රික් එළිය වැඩසටහනට එකතු වෙමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“ජනතාව ඉල්ලන්නේ ඔබතුමා. ඔබතුමාට ඒ දොරගුළු ඇරගන්න කොහොම පුළුවන් වේවිද කියලා මම දන්නේ නෑ. හැබැයි ඒ දොරගුළු ඇරගන්න දෙන්න ඕන ඕනෑම පාහරක්, ඕනෑම කුළුගෙඩි පහරක් ඕනෑම මුෂ්ටි ප්‍රහාරයක් දෙන්න අපි සූදානම්.”

“ඒ වෙනුවෙන් නෙළුම් මාවත කාර්යාලයේ දී විශාල වැඩ කොටසක් සිද්ධ වෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ සියලු පිඹුරුපත් හදනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *