බැසිල් මම වගේ මිනිහෙක්! කොරෝනා අරමුදල්වලට කෙළිනවමයි! – ආචාර්ය මර්වින් සිල්වා

April 22, 2020 at 9:19 pm | by emanisa.lk

දැන් බැසිල් රාජපක්ෂ යනු ඇමති ධුරයක් පවා නොමැති තමා වැනි නික්නම නිකන් මිනිහෙකු පමණක් බව ආචර්ය මර්වින් සිල්වා පවසයි.

ඔහුට විදෙස් තානාපතිවරු කැඳවීමට හෝ අරලියගහ මන්දිරයේ අගමැති පුටුවේ වාඩි වීමට කිසිදු අයිතියක් නැතැයි හෙතෙම පවසයි.

ජනතාවට බෙදා දෙන රු. 5000 මහජන මුදල් බවත් පිට රටවලින් ජනාධිපතිතුමාට ලැබෙන මුදල්වලට සිදුවන දේ කිව යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරු දැන් කට ඇරිය යුතු බවත් බැසිල් රාජපක්ෂ මේ අරමුදල් යටිමඩි ගසා ගැනීම ස්ථිර බවත් මර්වින් සිල්වා පවසයි.

මෙයට පෙර මාධ්‍ය හමුවක දී මර්වින් සිල්වා සඳහන් කළේ තමාට නාමයෝජනා නොදී ගම්පහින් පළවා හැරියේ බැසිල් රාජපක්ෂ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස