බැසිල් දිවුරුම් දුන් පසු ස්වර්ණමය යුගය උදා වෙනවා…! එය විපක්ෂයට දරා ගන්න බැරිව මඩ ගහනවා…!

June 27, 2021 at 4:38 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂගේ ආගමනය සමග පක්ෂය තුළ ඇති සියලු ප්‍රශ්න ගැටලු නිරාකරණය වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සඳහන් කරයි.

සියලු අභියෝග ජයගෙන කොරෝනා වසංගතය අස්සේ ජනතාව ද රැකගෙන රට ගොඩනගන වැඩපිළිවෙළක් රජය ඉදිරියට ගෙන යන බව ද ඔහු පැවසීය.

පුද්ගලික සංචාරයක් සදහා විදේශ ගත වූ බැසිල් රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද පැවසූ ඔහු බැසිල් රාජපක්ෂ මහතා කෙටි කාලයක් තුළ පොදු ජන පෙරමුණ නිර්මාණය කර මැතිවරණ ජයග්‍රහණයන්වල දී ද දැවැන්ත ශක්තියක් වූ බවද කියා සිටියේය.

බැසිල් රාජපක්ෂගේ ආගමනයත් සමඟ සියලු ප්‍රශ්න විසඳෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නාට පසු ස්වර්ණමය යුගයක් ඇති වන බවත් එය විපක්ෂයට දරා ගැනීමට බැරිව දැන් මඩ ගසමින් ඇවි ද බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *