බැසිල් දිවුරුම් දුන්නේ නිරෝධායන නීතියට අනුවයි…! එතුමාට ලක්ෂ ගාණක් බස්සල උත්සව කරන්නත් තිබුණා..! – ජගත් කුමාර…

July 9, 2021 at 6:25 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම ඉතා ම සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීතිවලට අනුව පැවැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඊයේ දිනයේ දිවයින පුරා පැවැති සැමරුම් සඳහා විශාල වශයෙන් ජනතාව එක් රැස් නොවූ බවත් ජනතාව කුඩා කණ්ඩායම් ලෙස රැස්ව තැන් තැන්වල රැස්ව රතිඤ්ඤා දැල් වුව බව ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පෙන්වා දුන්නේ ය.

එහෙත් වෙනත් කාලයක ජනතාව ලක්ෂ ගණනක් කැඳවා විශාල උත්සව වුවත් පැවැත්වීමේ හැකියාවක් බැසිල් රාජපක්ෂට ඇති බව ද ඔහු අවධාරණය කළේ ය.

මුදල් අමාත්‍ය ධූරය භාරගත් දේශපාලනඥයින් මේ රටේ ඉහළ ම තලයට ගිය බවත් බැසිල් රාජපක්ෂ මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දෙනු ඇති බවත් ජගත් කුමාර ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *