රනිල් වික්‍රමසිංහ අගමැතිි ධූරයට පත්කළේ ආර්ථික අර්බුදය විසඳීමට මිස කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
කිසියම් පුද්ගලයකු ඉලක්ක කර ඔහුු දේශපාලනයෙන් ඉවත් කිරීමට හෝ පැමිණීම වැළැක්වීමට සිදු කරන ව්‍යවස්ථා සංශෝධන සඳහා සිය පක්ෂයේ අනුමැතිය හිමි නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.
ලෝකයේ කිසි ම රටක තනි පුද්ගලයින් ඉලක්ක කොට ව්‍යවස්ථා සංශෝධන කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.