බැසිල් එනතුරු ජනතාව මඟ බලා හිටියා…! අද ඒ ජනතාවගේ පැතුම් ඉටු වුණා…! – නිමල් ලාන්සා…

June 24, 2021 at 4:42 pm | by emanisa.lk

ඇමරිකාව බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ නැවත මෙරටට පැමිණෙන තෙක් රටේ ජනතාව බලා සිටි බවත් ඒ අනුව මේ වන විට ජනතාවගේ බලාපොරොත්තු ඉටු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

වසංගත තත්වය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බව පෙන්වා දෙන ඇමැති ලාන්සා පවසන්නේ ඔවුන් වෙනුවෙන් සහන ලබා දීමට බැසිල් රාජපක්ෂට කටයුතු කරනු ඇති බවය. ඔහු එම කටයුතු ආරම්භ කරන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද බලා සිටින බවත්, ඒ සඳහා පක්ෂයේ පූර්ණ සහාය ලැබෙනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටපුලෙන් මෙරටට පැමිණි අතර ඔහු පිළිගැනීම සඳහා මැති ඇමතිවරු පිරිසක් ගුවන් තොටුපල වෙත පැමිණ සිටි‍යහ.

බැසිල් රාජපක්ෂ මේ වන විට සිය නිරෝධායන කටයුතු ආරම්භ කර ඇති අතර එම කාලසීමාව අවසන්වීමෙන් පසුව සුපුරුදු කටයුතුවල නිරත වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *