බැසිල් ඉන්දියාවෙන් බිලියන 03ක් නිකන් ම ගත්තා…! අපේ ශක්තිය රාජපක්ෂ දේශපාලනයයි…! – පොහොට්ටු ලේකම්….

September 6, 2022 at 5:56 pm | by emanisa.lk

රට දැඩි ආර්ථික අර්බුදයක තිබෙන මොහොතක ඉන්දියාවට ගිය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිසිදු කොන්දේසියක් නොමැතිව ඩොලර් බිලියන 03ක ණය මුදලක් ලබා ගත් රටේ ජනතාවට අමතකව ඇතැයි සාගර කාරියවසම් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් කාරියවසම් පෙන්වා දෙන්නේ පොහොට්ටුවෙන් ගිය කල්ලිවලට මෙන්ම විපක්ෂයට ද ඇත්තේ රාජපක්ෂ භීතිකාවක් වුව ද තම පක්ෂයට ඇති ශක්තිය රාජපක්ෂ දේශපාලනය බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂ දේශපාලනය නිර්භීත ලෙස ඉදිරියට ගෙන යන බව ඔහු අවධාරණය කළේය.

එම පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් සාගර කාරියවසම් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *