බැසිල් ආවා කියල තෙල් මිල බහින්නේ නෑ,….! නමුත් බස්සන්න උපදෙස් ඉල්ලුවොත් දෙයි….! – ප්‍රසන්න….

June 24, 2021 at 10:21 pm | by emanisa.lk

තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමට බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමිනි.

”බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ හොඳ සංවිධායකයෙක්. 2005 අපි ආණ්ඩුව ගත්ත වෙලාවේ ඉඳන් සියලු මැතිවරණ ජයග්‍රහණවලට එතුමා නායකත්වය දුන්නා. 2015 මහින්ද මහත්තය පැරදුන වෙලාවෙත් වගකීම භාර ගත්තේ එතුමා. හැබැයි එතුමා නැවත ලංකාවට ඇවිල්ල ආණ්ඩුවක් පිහිටුවන්න සංවිධාන ශක්තිය දුන්නා.

පසුගිය දිනවල එතුමා පෞද්ගලික කාරණාවලට රටින් බැහැරව හිටියා. එතුමා නැවත ලංකාවට ඇවිල්ල තියෙනවා. එතුමා ආපු එක ගැන සතුටු වෙනවා. මොකද මේ වෙන සමහර දේවල්වල දී එතුමාගේ සංවිධාන ශක්තිය අවශ්‍ය වෙනවා. තෙල් මිලට වෙන ම ඇමැතිවරු ඉන්නවා. ආණ්ඩුවක් තියෙනවා.

එතුමා ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්වත් ඇමති කෙනෙක්වත් නෙවෙයි. නමුත් එතුමාගෙන් උපදෙසක් ඉල්ලුවොත් ඒ සඳහා එතුමා ඉදිරිපත් වෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස