බැසිල්ට වඩා කෙරුමෙක් රට ගොඩගන්න බෑ…! ඒකට පෙරටුගාමී සහ ජවිපෙ එක්විය යුතුයි…! – කුමාර් ගුණරත්නම්….

July 11, 2021 at 7:58 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ නොව කුමන බලවතෙකු පැමිණිය ද මෙරට කඩා වැටී ඇති ආර්ථිකය ගොඩගත නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

මුහුණු මාරු කර පවත්නා ගැටලු සඳහා විසඳුම් ලබා දිය නොහැකි බව සඳහන් කළ කුමාර් ගුණරත්නම්, ජනතාව අතරට බලය යාමකින් හැර ඊට විසඳුම් නොලැබෙන බව අවධාරණය කළේ ය.

ජනතාවගේ අයිතීන් රැක දීමට නම් ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සියලු වාමාංශික බලවේග එකතු වී පුළුල් සන්ධානයක් ගොඩ නැඟිය යුතු බවත් එමගින් පමණක් මෙම පාලනය පරාජය කළ හැකි බවත් පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් පැවසුවේ ය.

නුගේගොඩ සිය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් (08) කුමාර් ගුණරත්නම් මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *