බැසිල්ට පුටුව දුන්නේ රට හදන්නයි….! කිසිම තනතුරක් මට එපා….! – ජයන්ත කැටගොඩ….

July 19, 2021 at 1:02 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩට ලබා දුන් සියලු තනතුරු ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව රජය ඔහු වෙත ලබා දුන් රක්ෂණ සංස්ථා සභාපති ධූරය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධූරය ඇතුළු සියලු තනතුරු කැටගොඩ ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය ඔහු ප්‍රතික්ෂේප කර තිබුණේ මුදල් අමත්‍යංශ ලේකම්වරයා පත්වීම් ලිපිය ද යොමු කිරීමෙන් පසු ය.

බැසිල් රාජපක්ෂ සමග එක්ව දේශපාලන ගමනක් යෑම තම අරමුණ බව පවසා ඇති කැටගොඩ, ඔහු වෙනුවෙන් තම ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය අත්හැරියේ කිසිදු පෞද්ගලික වාසියක් අපේක්ෂාවෙන් නොවන බව ද අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *