බැසිල්ගේ මන්ත්‍රී ධූරය නීති විරෝධියි…! ඔහු පාර්ලිමේන්තුවෙන් පන්නා දමනවා….! – ආධ්‍යාත්මික නායක නාගානන්ද ….

August 12, 2021 at 10:51 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයට තමා තරඟ වැදීම නතර කිරීම පිටුපස සිටින්නේ ජවිපෙ නායක අනුර දිසානායක බව ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

ඒ සඳහා තමා තරඟ කළේ මිලියන ගණනක් ඡන්ද ලබා ගෙන රටේ තෙවැනි බලවේගය බවට පත්වන බවත් ලක්ෂ 3-4ක් ඡන්ද ලබා ගන්නා අනුර දිසානායක දිසානායක 4 වෙනි තැනට වැටෙන බවත් ඔහු සඳහන් කරයි.

ජාතික ලැයිස්තුව යනු නීත්‍යානුකූල නොවන පත්කිරීමක් බවත් එය කිසිදු අවස්ථාවක රටේ නීතිය බවට පත්ව නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

ජාතික ලැයිස්තුවේ නම නොතිබුණු ඇමරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තුව ඔස්සේ පත්කිරීම නීති විරෝධී බවත් ඒ පිළිබඳ තමා අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් නාගානන්ද කොඩිතුවක්කු අනාවරණය කරයි.

තමා පස් පවින් වැළකී ධර්මයෙහි හැසිරෙන ආධ්‍යාත්මික නායකයෙකු බවත් කිසිවෙකුට තමා නතර කළ නොහැකි බවත් හෙතෙම වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස