බැඳුම්කර වංචාව වුණේ පෙබරවාරි 29…! ඒක මුලින් ම හොයා ගත්තේ අනුර…! දැන් සමහරු ඒකටත් උප්පැන්න දෙන්න අරන්…! – හඳුන්නෙත්ති….

May 3, 2022 at 6:32 pm | by emanisa.lk

බැඳුම්කර වංචාව හෙළිදරව් කිරීම පිළිබඳ උප්පැන්න සහතික ලියා ගැනීමට පසුගිය කාලයේ විශාල පිරිසක් උත්සාහ කළ බව සුනිල් හඳුන්නෙත්ති පවසයි.

2015 පෙබරවාරී 29 වන දින බැඳුම්කර වංචාව සිදු වූ බවත් එය මුලින් ම දැන ගත්තේ මිය නායක අනුර කුමාර දිසානයාක බවත් ජවිපෙ දේශපාලන බල මණ්ඩල සභික හඳුන්නෙත්ති අනාවරණය කරයි.

මාර්තු 09 වන දින ඒ පිළිබඳ පළමු මාධ්‍ය හමුව පැවැත්වූයේ ද ජනතා විමුක්ති පෙරමුණ බවයි, ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ වුව 2015 පෙබරවාරී මාසය 28 දිනයෙන් අවසන් හෙයින් සැබවින් ම බැඳුම්කර වංචාවක් සිදුවූයේ දැයි සමාජ මාධ්‍යවල සංවාදයක් මතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *