බැඳුම්කර වංචාවේ මුදල් විතරක් නෙමෙයි, වංචා කළ සියලු ධනය රාජසන්තක කරනවා…! – බැසිල්…

November 22, 2021 at 10:41 pm | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් උපයාගත් දේපළ රාජසන්තක කළා සේ ම අනෙකුත් වංචා පිළිබඳවද නිත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඒ දේපළද පවරා ගැනීමට තමා පසුබට නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඇමැතිරයා අයවැය විවාදයට එකතු වෙමින් අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

තවත් එවැනි වංචා ගැන තොරතුරු තිබේ නම් යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටි මුදල් ඇමැතිවරයා, අපි සියලු දෙනා එක්ව රට ගොඩ නගමු යැයි ද ඔහු යෝජනා කළේය.

උතුරු නැගෙනහිර සඳහා විශේෂ අයවැය යෝජනා නැතැයි එම පළාත් නියෝජනය කරන මහජන නියෝජිතයින් ප්‍රශ්න කළ බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, උතුරු නැඟෙනහිරට විශේෂත්වයක් නොමැති බවත් සමස්ත රට ඉලක්ක කරගෙන අයවැය සම්පාදනය කළ බවත්ය.

රට පුරා ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට විශේෂ වගා සංග්‍රාමයක් අරඹන බව පැවසූ බැසිල් රාජපක්ෂ, ආහාර හිඟයකට ඉඩ නොතබන බව ද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *