බැඳුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10කට අධි චෝදනා! අර්ජුන් පත් කළ රනිල්ට හෝ මුදල් ඇමති රවීට චෝදනා නෑ!

June 7, 2019 at 5:23 pm | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකුට චෝදනා 23ක් අඩංගු අධි චෝදනා සූදානම් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය පවසයි.

අදාළ නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරක ලෙස නීතිපති දප්පුලි ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

එම ලිපිය මගින් මහ බැංකු බැඳුම්කර සිද්ධිය හරහා මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් රුපියල් බිලියන 10058ක බැඳුම්කර සාවද්‍ය පරිහරණය මගින් රජයට රුපියල් මිලියන 688,762,100 ක පාඩුවක් සිදුවී ඇති බවද දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස